මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සංඛේත වැඩ වර්ජනයත් ආරම්භ කළේ, උසස් වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.
නමුත් වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එය අඛණ්ඩ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ය.
වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 250ක් පමණ අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ ධාවනය වී තිබුණේ දුම්රිය ගමන්වාර 60ක් පමණක් බවය.