සිව්වැනි දිනටත් අකුරට වැඩ කරන ගුරුවරු

සිව්වැනි දිනටත් අකුරට වැඩ කරන ගුරු - විදුහල්පති වෘත්තීය සමිති..

by Staff writer 25-07-2024 | 7:18 AM

COLOMBO ( News 1st ) - ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (25)  හතර වැනි දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ය.

ඔවුන්ගේ ඉල්ලීම් වලට රජය මෙතෙක් අවධානය යොමු කර නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි.