විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉරානයේ සිට මෙම ප්‍රහාර එල්ල වන බවයි.
කෙසේ වෙතත් ඇතිවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව අමෙරිකාව මීට පෙර ඊශ්‍රායලයට අනතුර අඟවා තිබිණි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායලයේ අගනුවර දෙසට මෙම මිසයිල ප්‍රහාර එල්ල වන බවයි.
ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වලින් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් වූ බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.
මේ අතර ඊශ්‍රායලයට, ඉරානය එල්ල කරන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරන්නැයි, අමෙරිකානු ජනපති ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.
අමෙරිකාව සඳහන් කරන්නේ ජනපති බයිඩ්න් සහ උප ජනාධිපතිවරයා ඇති වී තිබෙන තත්ත්වය ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින් සිටින බවයි.