ඔහු මේ බව පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(02) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ය.
එහිදි මහ කොමසාරිස්වරයා ලැබූ ජයග්‍රහනයට ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළේ ය.
සමුද්‍රීය ආරක්ෂාව දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්රයන්තයන් ඇතුළු ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු රජයේ අඛන්ඩ සහය ලබා දෙන බවද මහ කොමසාරිස්වරයා සාකච්ඡාවේදී පැවසිය.
ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහනට ද ඔස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවන බවයි.
ශ්‍රි ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.