මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත කරන දිනය?

ප්‍රතිසංස්කරණය කළ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා අද

by Staff writer 02-10-2024 | 8:22 AM

COLOMBO ( News 1st ) -  ප්‍රතිසංස්කරණය කළ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත  කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (02) පැවැත්වේ.

ඒ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්.ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සභභාගි වීමට නියමිතයි.මහව - අනුරාධපුරය දුම්රිය මාර්ගය ඉන්දීය ණය ආධාර යටතේ නවීකරණය කළ ද එහි දුම්රිය ධාවනය සිදු කිරීමට නොහැකි වි ඇත්තේ සංඥා පද්ධතිය නවීකරණ කටයුතු ඇණ හිටීම හේතුවෙන්.කෙසේ වෙතත් පවතින තත්වය යටතේ දුම්රිය හරස් මාර්ග ගේට්ටු අසලින් ආරක්ෂිතව දුම්රිය ධාවනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ රියදුරන්ට අවබෝධයක් දීම සඳහා පරීක්ෂණ දුම්රියක් ඊ‍යේ ධාවනය කෙරුණි.පවතින තත්වය සමාලෝචනය කර මහව - අනුරාධපුර කොටස හරහා දුම්රිය ගමන් කිහිපයක් හෝ කඩිනමින් ධාවනය කිරීමට පියවර ගැනීමට මෙම සාකච්ඡාවෙන් අනතුරුව හැකිවනු ඇති බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතා විශ්වාසය පළ කළේ ය.