බස් ගාස්තු අද සිට පහළට..

බස් ගාස්තු අද සිට පහළට....වැඩිපුර ගාස්තු අය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර..

by Staff writer 02-10-2024 | 7:02 AM

COLOMBO ( News 1st ) - ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කෙරිණ.

ඒ , 4.24% කින් ය.

මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 සිට රුපියල් 27 දක්වා රුපියලකින් අඩු කර තිබේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මගීන්ගෙන් ගාස්තු අයකරන බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසන්නේ, ඉන්ධන මිල අඩු වුවද පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර, ත්‍රිරෝද රථ ගාස්තු ද අඩු කිරීමක් සිදුනොවන බව, සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ හා රියැදුරන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ, පෙට්‍රල් මිල රුපියල් 300 ට වඩා අඩු වීමක් සිදුවන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවයි.