ඒ, 50.9%ක ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 297ක් ජයග්‍රහණය කරමිනි.
ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක කමලා හැරිස් මේ දක්වා ජයග්‍රහණය කර ඇත්තේ, ආසන 223ක් පමණි.
එය ඡන්ද ප්‍රතිශතයක් ලෙස 47.5% ක්ය.
නෙවාඩා, ඇරිසෝනා සහ මේන් ප්‍රාන්තවල සමස්ත ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැත.
හිටපු ජනාධිපතිවරයෙකු යළි අමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ වසර 130කට පමණ පසුව වීම විශේෂත්වයකි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ඇතුළු ලෝක නායකයන් රැසක් දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් එක් කර තිබේ.
නමුත් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 20 වැනි දා ය.
අමෙරිකාවේ ලාබාලතම උපජනාධිපවරයා ලෙස ඉතිහාසයට එක්වෙමින් ඒ අනුව උපජනාධිපති ධූරය ජේ. ඩී. වැන්ස්ට හිමිවීමට නියමිත ය.
නිල ඡන්ද ප්‍රතිඵල දෙසැම්බර් මාසයේ 17 වැනි දා පැවැත්වෙන පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත මැතිවරණ විද්‍යාලයේ අවසන් තීරණයට පසුව නිකුත් කිරීමට නියමිතය.
නව අමෙරිකානු කොංග්‍රසය මැතිවරණ විද්‍යාල ඡන්ද ගණන් කිරීම සහ නව ජනාධිපතිවරයා තහවුරු කිරීම සඳහා ජනවාරි 6 වැනි දා රැස්වනු ඇති.