අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පාපැදි සවාරියක් සහ සත්ත්ව එන්නත් වැඩසටහනක්

by Staff writer 09-11-2024 | 1:38 PM

COLOMBO (News 1st)-

බත්තරමුල්ල, පූර්වාරාම විහාරස්ථානයේදී පසුගියදා (07) සත්ත්ව එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී විය.

එය සංවිධානය කර තිබුණේ බත්තරමුල්ල ව්‍යාපාරික ප්‍රජාව විසින් ය.  

මේ අතර, මෙම වැඩසටහනට සමගාමීව සත්ව හිංසාවට එරෙහිව ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් ද පැවැත්විය.