ඊශ්‍රායලයේදී පිටුවහල් කිරීමට ගිය ලාංකිකයෙක් පලායයි

ඊශ්‍රායලයේදී පිටුවහල් කිරීමට ගිය ලාංකිකයෙක් ටෙල් අවිව් ගුවන්තොටුපොළේදී පලායයි...

by Staff writer 09-11-2024 | 2:05 PM

COLOMBO (News 1st)-

ඊශ්‍රායලය මගින් පිටුවහල් කිරීමට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ටෙල් අවිව් ගුවන්තොටුපොළේදී පලාගොස් ති‌බේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සති 2ක කාලයක් අඛණ්ඩව සේවයට නොපැමිණීම හා සෙසු ශ්‍රී ලාංකිකයන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම ඇතුළුව කඩාකප්පල්කාරී හැසිරීම් චෝදනා මත ඔහුව පිටුවහල් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ මෙය සිදුවී ඇති බවයි.

ඊශ්‍රායලයේ  ප්‍රමුඛතම විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතනයක් විසින් ඔහුව ඉදිකිරීම් අංශයේ සේවය සඳහා යොදවා තිබූ බවද තානාපතිවරයා සඳහන් කළේ ය.

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ද්වි පාර්ශවීය ගිවිසුම අනුව ලැබුණු රැකියා කෝටාවෙන් පැමිණි ඔහු පසුගිය සැප්තැම්බර්  මාසයේ සේවය සඳහා යොදවා ති‌බේ.

එලෙස පලාගොස් ඇත්තේ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.