යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට 50mm ට වැඩි වැසි ඇති විය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා කටයුතු කරන ලෙසයි.
මේ අතර දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම, තවදුරටත් ක්‍රියාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට එලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.