ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කරන ලෙසත් තමන් මුදාහරින ලෙසත් ඉල්ලා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වැනිදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.