දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

by Staff writer 09-09-2025 | 8:15 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(09) පස්වරු 1න් පසු මිලිමිටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.