ආනයනික බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වල

ආනයනික බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වල

by Staff writer 27-07-2023 | 5:42 AM

COLOMBO (News 1st) - සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද (26) සිට පාරිභෝගිකයින්ට හිමිවේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35ක මිලකට බිත්තර මිලදීගත හැකි බවයි.

සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40ක මිලකට බිත්තර මිලදීගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය.