අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් දෙන්නැයි එරට තානාපතිවරයාට දැනුම් දී ඇති බවය.
ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ලාංකිකයන් 106 දෙනෙකු එරට ඌරු කොටුවල රැකියා සඳහා යොමු කර ඇති බවට පසුගිය දා තොරතුරු අනාවරණය විය.
ලිතුවේනියාවෙන් පිටුවහල් කර දිවයිනට පැමිණි ලාංකිකයන් දෙදෙනෙකු පසුගිය 26 වැනි දා උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී එම අනාවරණය සිදු කර තිබේ.
ඔවුන්, රුපියල් ලක්ෂ 12ක මුදලක් කොළඹ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ලබා දී බර වාහන රියැදුරු රැකියා සඳහා ලිතුවේනියාව බලා පිටත්ව ගොස් තිබුණි.