වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, වන විනාශයන් පිළිබඳ වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇති බවය.
මේ අතර සිංහරාජ වනාන්තරයට හානි සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු මත විශේෂ කණ්ඩායමක් යොදවා ඒ පිළිබඳව සොයා බැලූ බව නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුව නොමැති බව එහිදී තහවුරු වී ඇති බවයි.