හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ, මේජර් ජනරල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුව මගින් අදාළ පරීක්ෂණය සිදු කරන බවය.
ඊට අදාළ වාර්තාව, මැයි 10 වැනි දා යුද හමුදාපතිවරයාට භාරදෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
පසුගිය 21 වැනි දා දියතලාවේ පැවති ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් 7දෙනෙකු මිය ගියහ.
තුවාල ලැබූ සංඛ්‍යාව, 18 කි.
ඉන් 4 දෙනෙකු බදුල්ල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇත.
හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.