ඇල්ල, මලිත්තගොල්ල නායයාම ගැන විමසිල්ලෙන්...

ඇල්ල, මලිත්තගොල්ල නායයාම ගැන විමසිල්ලෙන්...

by Staff writer 29-04-2024 | 9:52 AM

COLOMBO (News 1st) -  ඇල්ල, මලිත්තගොල්ල නායයාම් අවදානම් කලාපයේ තත්ත්වය දෛනිකව විශ්ලේෂණය කරමින් ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, පවතින තත්ත්වය වර්ධනය වුවහොත් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට බලපෑම් ඇතිවිය හැකි  බවයි.

මේ අතර, පසුගිය බදාදා දිනයේ ඇල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම නැවත සක්‍රීය විය. 

නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක් අවස්ථා දෙකකදී ඉවත් කිරිමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කළේ ය.

මේ වනවිට එම නායයම විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති බව සඳහන් ය. 

නායයාම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ඇල්ල -වැල්ලවාය මාර්ගයේ රථවාහන ගමනාගමනයේදී ඉතා පරික්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධස්ථානය ජනතාවට දැනුම් දෙයි.