COLOMBO (News 1st) - වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් ධම්මික මිරිහාන මහතා පැවසුවේ, ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවයි.
වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවද ඔහු සඳහන් කළේ ය. .