මැයි දින පෙළපාලිවලට දේශපාලන පක්ෂ බස් ඉල්ලයි..

මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයැදුම් කරලා - ලංගම

by Staff writer 29-04-2024 | 7:04 AM

COLOMBO (News 1st) -  මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතැයි ලංකා ගමන ගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි.

විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර, ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.
 
විවිධ දේශපාලන පක්ෂ, මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා අයැදුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවද සඳහන් කළේ ය.