ක්ෂේත්‍ර 18ක රජයේ විධායක නිලධාරීන් ලෙඩ වෙයි..

ක්ෂේත්‍ර 18ක රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි..

by Staff writer 02-05-2024 | 10:11 AM

COLOMBO (News 1st) - ක්ෂේත්‍ර 18 ක රජයේ විධායක සේවාවන්වල නිලධාරීන් අද(02) සහ හෙට(03) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඒ වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් ය.

රාජ්‍ය ඉංජිනේරු සේවාව, කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, විද්‍යාත්මක, තොරතුරු තාක්ෂණ, ක්‍රම සම්පාදන, කම්කරු, මිනින්දෝරු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විධායක නිලධාරීන් මීට සහභාගී වෙයි. 

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා පැවසුවේ, අද දින කොළඹදී විරෝධතාවක්ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි.