සා/පෙළ අපේක්ෂකයින්ට අදත් ජා.හැ.ප ලබාගන්න අවස්ථාව

සා/පෙළ අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අදත් ක්‍රියාත්මකයි - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

by Staff writer 04-05-2024 | 6:17 AM

COLOMBO (News 1st) - අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (04) දිනයෙත් ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ, ඒ සඳහා කොළඹ, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, වවුනියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික් කාර්යාල අද දිනයේ විවෘතව තැබෙන බවයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින ඇතැම් අයැදුම්කරුවන් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති වීම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ, ඇතැම් විභාග අපේක්ෂකයින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයැදුම්පත් පවා ඉදිරිපත් කර නොමැති බවයි.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනි දා ආරම්භ වන අතර ලබන 15 වැනි දා එය අවසන් වීමට නියමිතයි.