තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර

රතු මුහුදේ යාත්‍රා කළ තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර

by Staff writer 28-04-2024 | 6:41 AM

COLOMBO (News 1st) - යේමනයේ හූතී කැරලිකරුවන්, රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය නෞකාවකට හූතී කැරලිකරුවන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදුව ඇතත් ජීවීත හානි සිදුව නැත.

මේ අතර හූතී ප්‍රකාශකවරයා පැවසුවේ, යේමන ගුවන් කලාපයේදී අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් වෙඩි තබා බිම හෙලූ බවයි.

ඊශ්‍රායල - පලස්තීන යුද්ධය ආරම්භයේ සිට හූතිවරුන් වෙඩි තබා බිම හෙලූ තුන්වන අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානය මෙය වේ.