කැබිනට් මණ්ඩලය තීරණය කළ Visa ගාස්තු අද සිට..

කැබිනට් මණ්ඩලය තීරණය කළ Visa ගාස්තු අද සිට..

by Staff writer 07-05-2024 | 6:00 AM

COLOMBO (News 1st) - සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක බවයි.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.

ඊට අමතරව, මෙරටට විදේශිකයෙකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරණු ඇත.