COLOMBO (News 1st) - වැලිගම, කප්පරතොට වෙරළ තීරයේ උර 6ක තිබී හෙරොයින් බවට සැකකෙරෙන විෂ මත්ද්රව්ය කිලෝ 100 කට අධික තොගයක් සොයා ගෙන තිබේ.ඒ පොලිසි විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, මත්ද්රව්ය නාශක කාර්යංශය හා වෙරළ ආරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.එම ස්ථානයේ තිබී සැටලයිට් දුරකථන 2 ක් හා ස්ටාර්ලින්ක් පද්ධතියක් ද සොයාගෙන ඇතැයි පොලිසිය ප්රකාශ කළේ ය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි....