වැඩබලන සභාපති ධුරය ගැන විජයදාසගේ අභියාචනය

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය ගැන ඇමති විජයදාසගේ පෙත්සම අභියාචනා අධිකරණය ප්‍රතික්ෂේප කරයි...

by Staff writer 07-05-2024 | 3:05 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින්,පසුගිය අප්‍රේල් 4  වැනිදා කොළඹ දිසා අධිකරණය ලබාදුන් වාරණ නියෝගයට එරෙහිව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ,අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා  අද (07) ප්‍රතික්ශේප කළේ ය.

විනිසුරුවරයා පැවසුවේ, ඒ සම්බන්ධව අවශ්‍ය නියෝග අයැදීම සිදු කළ යුත්තේ දිසා අධිකරණයෙන් බව සිය අධිකරණයේ නිගමනය බවයි.