විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න.. - උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

by Staff writer 08-05-2024 | 5:48 AM

COLOMBO (News 1st) - විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන්නැයි විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ යෝජනා මේ මස 01 වැනි දා ලබා දිය යුතු වූවත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි.

ඒ අනුව 10 වැනි දා දක්වා කල් ලබාදුන් බව කොමිසම පැවසීය.

අදාළ යෝජනා ලබාදීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරනු ඇති.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ, ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.