එළැඹෙන 20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය..

එළැඹෙන 20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

by Staff writer 09-05-2024 | 10:28 PM

COLOMBO (News 1st); පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද(09) ප්‍රකාශයට පත් කර තිබේ

ඊට ක්‍රීඩකයින් 15ක් සහ අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙක් ඇතුළත් ය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අද හිමි විය. 

වනිඳු හසරංග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර උප නායක චරිත් අසලංක.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ අද නම් කළ සංචිතයට ඇතුළත් ය.

ඒ සඳහා එක්ව සිටින අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුශාර, මතීෂ පතිරණ  සහ ඩිල්ශාන් මදුශංකයි.

මේ අතර, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ.