වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයින් 178ක් අත්අඩංග

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයින් 178ක් අත්අඩංගුවට

by Staff writer 09-05-2024 | 9:03 AM

COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව ප්‍රකාශ කළේ, යාත්‍රා 23 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය වසරේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 240 ක්.

එහිදී යාත්‍රා 35 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.