කාන්තාවකගේ රු. කෝටි 13ක වත්කම් පොලිස් භාරයට..

ගාල්ලේ කාන්තාවකගේ රු.කෝටි 13 ක නීති වීරෝධී වත්කම් පොලිස් භාරයට..

by Staff writer 10-05-2024 | 7:05 AM

COLOMBO (News 1st) -  ගාල්ලේ කාන්තාවකගේ රුපියල් කෝටි 13 ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ. 

ගාල්ල, දඩල්ලේ පිහිටි හෝටලයක් සහ අක්මීමන, වලහන්දුව පිහිටි ඉඩමක් එලෙස පොලිසිය භාරයට ගෙන තිබේ. 

අදාල කාන්තාවට එම දේපල උපයාගත් අකාරය හෙළි කිරීමට නොහැකි වීම ඊට හේතුව බව පොලිසිය සඳහන් කළේ ය. 

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කරන ලද විමර්ශනයකින් ඒවා පොලිස් භාරයට ගැනුණි. 

35 හැවිරිදි අදාළ කාන්තාව ගාල්ලේ පදිංචිකාරියකි.