නවසීලන්තය 2 - 0 කින් තරගාවලිය ජයගනී

නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයත් ජයගනී

by Staff writer 20-03-2023 | 3:02 PM

COLOMBO (News 1st): ්සං‍චාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් නවසීලන්තය ජය ගත්තේ ය. 

වෙලිංග්ටන්හීදී පැවති තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. 

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 580ක් රැස් කර ගෙන සිටියදී තීරණය කළේ ඉනිම අත්හිටු වීමටයි.

නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ද්විත්ව ශතකයක් රැස් කළේ හතරේ පහර 23කින් සහ හයේ පහර දෙකකිනි. 

ඔහුට අනගි සහයක් දැක් වූ හෙන්රි නිකෝලොස් ද ද්විත්ව ශතකයක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පළමු ඉනිම සුනු විසුණු කර දැමීමට නවසීලන්ත පන්දු යවනන් සමත් වුණේ පළමු කඩුලු 5ම ලකුණු 114කදී දවා ගනිමිනි. 

එම පීඩනය මැද නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් රැස් කළේ ය. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි.

ඉනිමක පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහා නැවතත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 116කදී බිද වැටිණ. 

දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණූ 5000 සීමාව පසු කර ගියේ ලකුණු 62ක් රැස් කර ගනිමිනි. 

ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11වන අර්ධ ශතකය රැස් කළේ ය. 

ඔහු අවාසනාවන්ත ලෙස ලකුනු 98කට දැවී ගියේ ය.