තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප්ට ජය.

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප්ට ජය..

by Staff writer 29-05-2023 | 9:32 AM

COLOMBO (News 1st) – තුර්කි ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිසේප් තායිප් යළිත් වරක් ජය තහවුරු කර ගත්තේ ය.

ඒ, දෙවන වටයේ ඡන්ද විමසීමේදී 52.16 % ක බහුතරයක් හිමි කරගනිමින් ය.

පසුගිය මැයි 14 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි වූණේ නැහැ. 

ඒ හේතුවෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් තරගකරුවන් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විණි. 

තුර්කි විපක්ෂ නායක කෙමාල් කුලුච් දරෝලු පරාජයෙන් පසු කියා සිටියේ , එය ඉතා අසාධාරණ මැතිවරණයක් බවයි.

2014 වසරේදී රිසෙප් තායිප්, පළමු වරට තුර්කි ජනාධිපති ධුරයට පත්විය.

ජනාධිපතිවරණයෙන් යළි ජයග්‍රහණය කළ ඔහුට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු ලෝක නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ.