WhatsApp අලුත් වෙයි..

WhatsApp අලුත් වෙයි: පරිශීලකයින්ට නව විශේෂාංග 3ක්..

by Hashini De Mel 09-05-2023 | 11:12 AM

COLOMBO (News 1st) - Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට නව විශේෂාංග 3ක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව නව විශේෂාංග වන්නේ, ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with caption).

නව යාවත්කාලීන කිරීම් (Update) ගෝලීය වශයෙන් නිකුත් වෙමින් පවතින අතර යෙදුමේ නවතම අනුවාදය ස්ථාපනය කර සියලුම පරිශීලකයින් වෙත නිකුත් කරනු ඇත.

කෙසේ වෙතත්, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.