කොන්දොස්තර නැතුව අධිවේගයේ බස් ධාවනය අද සිට..

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට ඇරඹේ

by Staff writer 19-06-2023 | 7:18 AM

COLOMBO (News 1st) –  කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද(19) සිට ආරම්භ වෙයි. 

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේ ය.