.webp)
පොලීසිය සඳහන් කළේ, 35 හැවිදිරි කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බවයි.
ඇය සිය ස්වාමිපුරුෂයා සහ දරුවන් සමග කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇත.
ඇගේ ස්වාමිපුරුෂයා කැකිරාව පොලීසියට කළ පැමිණිල්ලක සඳහන් වන්නේ, අද (02) අලුයම් කාලයේදී කිසිවෙකු විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
ඒ අවස්ථාවේ සිය බිරිඳ නිවසේ වෙනම කාමරයක නිදා සිට ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පැවසීය.
මෙම ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වන්නේ නැත.
කැකිරාව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.