.webp)
පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා බදු ලිපි ගොනු විවෘත කිරීමේ නියෝගය පිළිබඳව අද (02) කරුණු පැහැදිලි කළේ ය.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ, ලිපි ගොනු විවෘත කර පමණින් බදු ගෙවීමට අවශ්‍ය නොවන බවයි.
ලංකාවේ බදු ගෙවනු ලබන්නේ බදු ගෙවන්න ඕන පිරිසගෙන් බොහොම සුළු පිරිසක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය, අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
ලංකාවේ බදු ගෙවන්නේ බදු ගෙවන්න ඕනි අයගෙන් බොහොම සුළු පිරිසක්. ලිපිගොනු ඇරියා කියලා ඔක්කොම බදු ගෙවන්න ඕනි නෑ. හැබැයි ලිපිගොනුව ඇරියාම අපි දන්නවා කොච්චරක්ද මේ නෙට් එක කියලා. එහෙම නැත්තං වෙන්නේ බදු ගෙවන පිරිස්ට ඒගොල්ලන්ගෙන්ම වැඩිපුර බදු ගන්නවා මිසක් බදු ගෙවිය යුතු පිරිස් බදු ගෙවන එක පැහැර හරිනවා. දැන් රජ කාලේ ඉඳලම භාණ්ඩාගාරයේ ඕනම රටක රටේ බදුවලින් එන ආදායමෙන් තමයි අනෙකුත් සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ.