.webp)
COLOMBO (News 1st) – 2023.07.11 දින සිට වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමත කරනු ලබන නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාල සීමාව ජ්‍යෙෂ්ඨතාව සඳහා අදාළ කර නොගැනීමට 2023.07.10 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව, 2023 07 10 දින තෙක් වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමතිය ලබාගත් නිලධාරින්ට අගතියක් නොවන පරිදි 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022හි 4 ජේදයේ 'එ' වගන්තිය හා 2022.09.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II)හි 4.10 වගන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි.
අදාළ චක්‍රලේඛය පහතින් ...