දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි...

දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි...

by Staff writer 29-04-2024 | 7:21 AM

 COLOMBO (News 1st) -  දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද(29) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තිරණය කළ බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඒ අනුව අද දිනයේ සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා රාජකාරියෙන් බැහැර වන බවයි.