අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන් තොටුපොළේදී කොටු..

රටින් පනින්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට..

by Staff writer 29-04-2024 | 7:11 AM

 COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර විදේශගතවීමට තැත්කළ අවස්තාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ගුවන්තොටුපොළේ සවිකර ඇති ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  47 හැවිරිදි සැකරුවෙකි.

සකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.