ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ

2024 ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ

by Staff writer 30-04-2024 | 7:57 AM

COLOMBO (News 1st) - 2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

මෙම තරගාවලියට ඉන්දියාව, කසක්ස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.

පළමු තරගය කටාර් සහ කසක්ස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.