සුළු වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට අවධානය

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත කරන පුද්ගලයින් නිවාස අඩස්සියේ තැබීමට අවධානය

by Staff writer 04-05-2024 | 6:20 AM

COLOMBO (News 1st) - සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.