Fox hill අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි..

Fox hill අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි.. - ක්‍රීඩා අමාත්‍යාංශය

by Staff writer 04-05-2024 | 6:27 AM

COLOMBO (News 1st) - FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බවයි. 

තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල්  250,000ක්.

පසුගිය මස 21 වැනි දා පැවැති 2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පෙරලී සිදු වූ අනතුරෙන් දැරියක ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලැබුහ.