එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි අවසන් යෝජනාවලිය, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු, ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වේ.
ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි, සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.