වීසා ගාස්තු යළි සංශෝධනය කෙරේ...

වීසා ගාස්තු යළි සංශෝධනය කෙරේ...

by Staff writer 06-05-2024 | 7:31 PM

COLOMBO (News 1st) - විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අද (06)  පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී යි.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීරණය වී ඇත.

ඊට අමතරව, මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.