ඒ, මෙවර තරගාවලියේ පකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගය ලකුණු කඩුලු 3කින් ජය ගනිමින් ය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානයට පන්දුවාර 5යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 72ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව පන්දුවාර 5ක් තුළ කඩුළු 3ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.
ළහිරු මධුෂංක ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ධනංජය ලක්ෂාන්, ළහිරු සමරකෝන්, තරිදු රත්නායක, සදුන් වීරක්කොඩි සහ නිමේෂ් විමුක්ති ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
ශ්රී ලංකාව 2007 වසරේදී පළමු වරට හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලිය ජය ගත්තේ ය.