එලෙස මියගොස් ඇත්තේ, චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් ඉදිරිපිට ව්‍යායාම් කරමින් සිටි පිරිසකි.
සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම බිහිසුණු අනතුරින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මිය ගිය සහ තුවාල ලැබු පිරිස අතර වැඩිහිටි, තරුණ මෙන්ම ළමුන් ද සිටින බව සඳහන් වේ.
සැකකරුව අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේ දී සිදු වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඔහු මානසික පීඩනයකින් පෙළී ඇති බවයි.
සැකකරු මේ වනවිට කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇති බව චීන බලධාරීන් පවසයි