ඒ අතරට එක්ව සිටින විදෙස් නිරීක්ෂකයින් සංඛ්‍යාව 43 කි.
යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් තිදෙනෙකු සහ අන්ෆෙල් සංවිධානයේ 30 දෙනෙකු ඒ අතර වෙයි.
අසල්වැසි රටවලින් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව 10 කි.
මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සංවිධාන 10 ක් නියෝජනය කරමින්, දේශීය නිරීක්ෂකයින් දස දහසක් පමණ එක්ව සිටී.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 5000 කි.
ජංගම නිරීක්ෂණ ක්‍රියාවලියට සංවිධානය 8 කට අවසර හිමිව තිබේ.
නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.