වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව

වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය ලාංකික භික්ෂුව

by Staff writer 05-12-2024 | 1:10 PM

COLOMBO (News 1st) - ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයට වසර 105 කට පසු පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුව ලෙස පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන්ව පිළිගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඔක්ස්ෆර්ඩ් යන දෙඅංශයටම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ශාන්ත ක්‍රොස් විද්‍යාලය, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාලවලින් එකක් වන අතර පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් එහි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධියක් හදාරමින් සිටිනවා.

ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපනය ලැබූ අවසන් ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුව වන්නේ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්.

පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් එම විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන්නේ, 1919 දී වර්ෂයේදීයි.

මේ වනවිට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන ලබන පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් පැවසුවේ ඔක්ස්ෆර්ඩ්හි බෞද්ධ භික්ෂුවක් ලෙස තම ජීවිතය බෞද්ධ ශිෂ්‍යත්වයේ වර්ධනය සහ සමාජ යහපැවැත්ම සඳහා කැප කරන බවයි.