මාස 3කින් මහපොළ ශිෂ්‍යාධාර ලැබී නෑ - අන්තරේ

මාස 3කින් මහපොළ ශිෂ්‍යාධාර ලැබී නෑ - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

by Staff writer 02-02-2025 | 3:09 PM

COLOMBO (News1st) - මාස තුනකින් පමණ මහපොළ ශිෂ්‍යාධාර ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, ඇතැම් විශ්වවිද්‍යාලවලට මාස 3ට වැඩි කාලයක් ශිෂ්‍යාධාර ලැබී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් News1st අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, පසුගිය සමයේ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

ඒ අනූව වසරකට වැඩි කාලයක්, ගෙවීම් ප්‍රමාදව පැවති බව, ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මේ වන විට එය මාස තුනක් දක්වා අවම කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී එම ගැටලුව අවසන් කර, සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසිකව ගෙවීම් කිරීමට පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.