ඉන්දියානු සාගරයේ මැග්නිටියුට් ඒකක 6.6ක භූකම්පනයක්

ඉන්දියානු සාගරයේ මැග්නිටියුට් ඒකක 6.6ක භූකම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීමක් නෑ....

by Staff writer 16-04-2025 | 3:24 PM

COLOMBO (News 1st) - ඉන්දියානු සාගරයේ මැග්නිටියුට් ඒකක 6.6 ක් භූ කම්පනයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් පෙරවරු 7.13 ට සවුත්ඊස්ට් ඉන්දියන් රිජ් ලෙස හැඳින්වෙන අග්නිදිග ඉන්දියානු සාගරයේ මුහුදු අභ්‍යන්තරයේ පිහිටි කඳුවැටියක එම භූ කම්පනය හටගෙන තිබූ බවයි.  

කිසිදු  සුනාමි අනතුරු ඇඟවීමක්  නිකුත් කර නොමැති.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ  හින්දු කුෂ් ප්‍රදේශයේ ද භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය මැග්නිටියුට් ඒකක 5.6 ක් වන අතර ජිවිත හානි හෝ දේපල හානි පිළිබඳ තොරතුරු වාර්තාවී නොමැත.

පොළොව අභ්‍යන්තරයේ සිට කිලෝමීටර් 121 ක් ගැඹුරින් එම  භූ කම්පනය හටගෙන තිබේ.