පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර අභාවප්‍රාප්ත වෙයි...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 09-05-2025 | 4:37 PM

COLOMBO (News 1st) - පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ අද (09) උදෑසන වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට එම මහතාගේ වයස අවුරුදු 52ක්.

කඩවත ප්‍රදේශයේ පදිංචි නිර්මල මහතා දෙදරුපියෙක්.